• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
- ආර්ථික සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකා - චීන ඒකාබද්ධ කමිටුවේ 7 වන රැස්වීමේදී යෝජනා වූ පරිදි, ශ්‍රී ලංකා ජනරජය හා මහජන චීන සමූහාණ්ඩුව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ එළඹෙන චීන නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.