• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.එ.ජ.ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ණය ගිවිසුමකට එළඹෙන ලදී. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලකට යටත්ව වසර 10ක ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව නව ව්‍යාපාරයක් ඇරඹීමට හෝ පවත්නා ව්‍යාපාරයක් පුළුල් කිරීමට ලබා දෙනු ඇත. ඒ අනුව, එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.