• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ A 3 මාර්ගයේ ජා ඇල සිට හලාවත දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම
- ප්‍රවාහන සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ A 3 මාර්ගයේ ජා ඇල සිට හලාවත දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් මිලියන 90.5 කට සමාන විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය මුදලක් (ආසන්න වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 126.7ක් පමණ) ලබාගැනීම පිණිස ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට හා එම ආයතනය සමඟ මූල්‍යමය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.