• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍ය ආදායම්ලාභී නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන
- සියලු දිස්ත්‍රික්කයන්හි නාගරිකව හා උපනාගරිකව වෙසෙන මැදි ආදායම්ලාභීන් උදෙසා නිවාස ලබා දීමේ පස් අවුරුදු වැඩසටහනක් පෞද්ගලික අංශයේ ද සහ‍යෝගය ඇතිව දියත් කර ඇති අතර, එම වැඩසටහන ඉදිරි පස් අවුරුදු කාලය තුළ ක්‍රියාත්මක වනු ඇත. එම වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.