• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඉඩමක් මිල දී ගැනීම
- දැනට රුපියල් 630,000/-ක මාසික බදු මුදලකට බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ස්ථානගත කිරීම සඳහා රජය සතු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම ඵලදායී වන බැවින්, ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් බත්තරමුල්ල නව පාර්ලිමේන්තු පාරේ පිහිටි පර්චස් 40ක බිම් කොටසක් රුපියල් මිලියන 31.5ක මුදලකට මිල දී ගැනීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.