• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත
- අනිවාර්ය සමථකරණය සඳහා යොමු කළ යුතු ආරවුල් සම්බන්ධයෙන් වන මූල්‍යමය වටිනාකම් සීමාව දැනට පවතින රුපියල් 250,000/- සිට රුපියල් 500,000/- දක්වා ඉහළ නැංවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දි ඇත. ඒ අනුව, ඒ සඳහා පිළියෙල කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.