• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර කෘෂිකර්මය තුළින් දරිද්‍රතාව තුරන් කිරීමේ මධ්‍යස්ථානයේ වාර්ෂික දායක මුදල් ගෙවීම
- තිරසර කෘෂිකර්මය තුළින් දරිද්‍රතාව තුරන් කිරීමේ මධ්‍යස්ථානය (The Centre for Alleviation of Poverty through Sustainable Agriculture - CAPSA) එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කොමිසම මඟින් පාලනය වන ආයතනයක් වන අතර, ජීවනෝපාය සඳහා ප්‍රධාන වශයෙන් ද්විතීයික භෝග මත යැපෙන දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමිය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සාමාජික රටවල යෝග්‍ය ප්‍රතිපත්ති දිරිගැන්වීම සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කෘෂිකර්මයට අදාළ සංවර්ධන හා පර්යේෂණ කටයුතු සිදු කිරීම එහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාව මෙම මධ්‍යස්ථානයේ සාමාජිකයකු ලෙස රටෙහි කෘෂිකාර්මික සංවර්ධනයට අදාළ සේවාවන් ලබාගැනීම ඇතුළු විවිධ ප්‍රතිලාභ හිමි කර ගෙන ඇත. ඒ අනුව, එම මධ්‍යස්ථානයේ සාමාජිකයකු ලෙස ගෙවිය යුතු දායක මුදල් ඉදිරියටත් ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.