• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත සමාජ සුබසාධන මධ්‍යස්ථානය - මට්ටක්කුලිය
- කොළඹ උතුර නාගරික ප්‍රදේශයේ වෙසෙන අඩු වරප්‍ර‍සාදලත් සහ අඩු ආදායම්ලාභී ජන කොටස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම මඟින් ඔවුන්ගේ ජන ජීවිතය යහපත් කිරීමේ අරමුණින් සමාජ සුබසාධන මධ්‍යස්ථානයක් මට්ටක්කුලිය ප්‍රදේශයේ ඉදි කිරීමට යොජනා වී ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහනගර සභාවේ සහයෝගයෙන් ඉදිකිරීමට යෝජිත ගොඩනැඟිල්ල තුළ ළමා හා මාතෘ සායන, සෞඛ්‍ය මධ්‍යස්ථාන, විද්‍යුත් චැනල සේවාව, පුස්තකාලයක්, ශරීර සුවතා ඒකකයක්, කැරම් හා චෙස් ක්‍රීඩා පහසුකම් සහ කාර්යාල පහසුකම් ඇති කෙරේ. ගොඩනැඟිල්ල ඉදි කිරීම වසරක් තුළ නිම කෙරෙන අතර ඉදි කිරීම් අවසානයේදී ගොඩනැඟිල්ලේ හිමිකාරීත්වය සහ කළමනාකරණය කොළඹ මහනගර සභාව වෙත පවරනු ලැබේ. රුපියල් මිලියන 250 ක වියදමින් යෝජිත මට්ටක්කුලිය සමාජ සුබසාධන මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.