• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
- සමාගම් සංස්ථාපනය කිරීම, පරිපාලනය හා කළමනාකරණය, ඒකාබද්ධ කිරීම, ගණන් බේරා වසා දැමීම, සමාගම් ආරවුල් නිරාකරණය යනාදි කරුණු සම්බන්ධයෙන් 2007 අංක 07 දරන සමාගම් පනත මඟින් විධිවිධාන සැලසෙන අතර, දැනට මෙම පනත වසර 10 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. එම පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම පිණිස පත් කර ඇති උපදේශක සභාව විසින් හා විගණකාධිපතිවරයා විසින් ඉහත පනතට කඩිනමින් සිදු කළ යුතු සංශෝධන කිහිපයක් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී යෝජිත සංශෝධනයන් ඇතුළත් කරමින් 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරිම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.