• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා දේශීය බැංකු වෙතින් අරමුදල් සම්පාදනය කිරීම
- පොල්ගහවෙල - පොතුහැර - අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අලුත්ගම - මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීයව සපයා ගත යුතු අරමුදල් දේශීය බැංකුවකින් ලබාගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.