• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර මහනගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි කසළ කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- විධිමත් පරිදි කසළ බැහැර කෙරෙන ස්ථානයක් සහ ජීව වායුව උපයෝගි කරගෙන කසළ මඟින් විදුලිබලය ජනනය කෙරෙන කර්මාන්තශාලාවක් මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටුවීමේ ව්‍යාපෘතියක් 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව සැලසුම් කර තිබිණි. 2015 දැයට කිරුළ ප්‍රදර්ශනය අවලංගු කිරීමත් සමඟ එම ව්‍යාපෘතියේ කටයුතු ඇණහිටින ලදී. ඒ අනුව, මාතර මහනගර සභාවට සහ මාතර ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල බරපතළ ගැටලුවක්ව පවතින කසළ බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා දැනට තාවකාලිකව ඇණහිට තිබෙන එකී කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සහාය ඇතිව කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.