• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය
- හඳුනාගත් ප්‍රදේශයන්හි සංවේදි පාරිසරික පද්ධති කළමනාකරණය, වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ ජනතාව සතු හැකියාව වර්ධනය කිරීම, අලි - මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, තිරසර ස්වාභාවික සම්පත් භාවිතය සහ ආරක්ෂණය මඟින් මහජනතාව වෙත ප්‍රතිලාභ හිමි කර දීම අරමුණු කරගනිමින් පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය (ESCAMP) 2016 - 2021 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමත කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමායතනය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇති අතර, ඇමෙරිකන් ඩොලර් මිලියන 45 කට සමාන ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, ඊට අදාළ මූල්‍ය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.