• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහකොළඹ පානීය ජල හා - 2 අදියර - නිර්මාණ අධීක්ෂණ හා ආයතනික සංවර්ධන උපදේශක සේවාව
- මහ කොළඹ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමේ හා අපජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරලීමේ අරමුණින් මහ කොළඹ පානීය ජල හා අපජල කළමනාකරණය හා සංවර්ධන ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනේ දෙවන අදියර යටතේ වන මූලික කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙත ණය පහසුකම් සලසා දී ඇති අතර, මෙම වැඩසටහන සඳහා නිර්මාණය, සුපරීක්ෂණය හා ආයතනික සංවර්ධන උපදේශක සේවාව සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නි‍ර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.