• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම - ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම
- වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 03ක් ක්‍රියාත්මක වන අතර, එම යන්ත්‍ර වසර 30 කට අධික කාලයක් භාවිතයේ යොදවා ඇත. එම යන්ත්‍රවලින් තවදුරටත් කාර්යක්ෂම ‍ සේවාවක් ලබාගැනීම සඳහා ඒවා නොපමාව අලුත්වැඩියා කළ යුතු බව ඒ සම්බන්ධ තාක්ෂණික විශේෂඥයින් විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, වික්ටෝරියා බලාගාරයේ අංක 03 ජනන යන්ත්‍රයේ ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.