• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතුරින් විශාලතම වපසරියක පැතිරුණු මෙන්ම ග්‍රාම සේවා වසම් වැඩිම සංඛ්‍යාවකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. එහි බල ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 11,815.5 ක් වන අතර, පදිංචි පවුල් සංඛ්‍යාව 60,425 ක් පමණ වේ. මෙම කොට්ඨාසය තුළ වෙසෙන විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 10,000 කට ආසන්න වන අතර, සමස්ත ජනගහනය 250,000 ක් පමණ වේ. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලෙහි ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති අතර, මහජනතාවට වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සලසා දීමේ අරමුණින් රුපියල් මිලියන 286.66ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම කාර්යාලය සඳහා මහල් 3 කින් සමන්විත නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.