• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා MRI ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම හා අලෙවියෙන් පසු සේවාව ලබාගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ජාතික රෝහලේ දැනට ස්ථාපිත කර ඇති MRI ස්කෑනර් යන්ත්‍රය වසර 15 ක් පමණ පැරණි වන අතර, එම රෝහල සඳහා නව MRI ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා MRI ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීමේ සේවාව ලබාගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස වැඩ බලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.