• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනට පවත්වා ගෙන යනු ලබන කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි රජයට අයත් ඉඩම තුළ පිහිටි ගොඩනැඟිලි පහසුකම් වර්තමානයේ සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් වසර 25කට වඩා පැරණි එක් ගොඩනැඟිල්ලක් ඉවත් කර එම භූමි පරිශ්‍රය ඵලදායී ලෙස උපයෝජනය කරමින් මහල් 08කින් සහ වර්ග අඩි 64,255කින් සමන්විත නව පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු කර ගෙන යාම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.