• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය, සෞන්දර්ය කල‍ා, මොරටුව, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රටේ ආර්ථිකය තුළ පවතින සංවර්ධන අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට උචිත වෘත්තීයමය හා දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව කැලණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට හා කොළඹ යන විශ්වවිද්‍යාලයන්හි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යෝජිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 09 ක් රුපියල් මිලියන 1706.9ක ආයෝජනයකින් 2016 - 2019 කාලපරිච්ජේදය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.