• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද ජලාශයේ මූලස්ථායී වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවට අදාළ සැලසුම් (Design) ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් වැඩ අධීක්ෂණය සඳහා වූ උපදේශක කොන්ත්‍රාත්තුව
- කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම, විදුලිය ලබා දීම සහ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ප්‍රබල පිටිවහලක් සපයන ව්‍යාපෘති ලෙස මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, මේ වන විට එහි වැඩ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නිම වී තිබේ. මොරගහකන්ද ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩ ඉදි කිරීම්වලින් 60%ක ප්‍රමාණයක් අවසන් වී ඇති අතර, 2017 මාර්තු මාසය වන විට මෙම ඉදි කිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල සැලසුම් ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මහවැලි උපදේශක ‍කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.