• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගර්භිණි මාතාවන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම සඳහා රු.20,000/-ක් ලබා දීමේ වැඩසටහන
- අඩු බර දරු උපත් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා සහ කායික හා මානසික වශයෙන් නිරෝගීමත් දරුවකු බිහි කිරීම සඳහා ගර්භිණි සමයේ අවසාන මාස 06ත් කිරි දෙන සමයේ මුල් මාස 04ත් ඇතුළත් වන පරිදි මාස 10ක කාලයක් සඳහා රුපියල් 20,000/-ක වටිනාකමකින් යුතුව පෝෂණීය ආහාර ලබා දීමේ වැඩසටහන 2015 මාර්තු මාසයේ සිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මව්වරුන්ගේ රුචිකත්වය අනුව ආහාර වර්ග තෝරාගැනීමට ඉඩකඩ සැලසෙන පරිදි හා දැනට ක්‍රියාත්මක වන ක්‍ර‍මවේදය තවදුරටත් පහසු කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නිර්දේශ කරනු ලැබ ඇත. එමඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන අතුරින් තමාට පහසු වෙළඳ ආයතනයකින් මාසයකට රුපියල් 2,000/-ක උපරිමයකට යට‍ත්ව අදාළ මාස 10 පුරා ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ප්‍රතිලාභී ගැබිණි මව්වරුන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.