• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - යාපනය නගරය වැඩිදියුණු කිරීම
- පාරිසරික වශයෙන් තිරසර සහ මනා සම්බන්ධතාවකින් යුත් නගර පද්ධතියක් සංවර්ධනය කිරීම උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වේ. එම ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ණය පහසුකම් මඟින් මහනුවර හා ගාල්ල යන නගර උපායමාර්ගික නගර වශයෙන් අදාළ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා යෝග්‍ය නගරයක් වශයෙන් යාපනය නගරයද හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.