• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 වර්ල්ඩ් එක්ස්පෝ (World EXPO) ප්‍රදර්ශනය - අස්ථානා, කසකස්ථානය
- 'වර්ල්ඩ් එක්ස්පෝ' ප්‍රදර්ශනය වර්ෂ 2කට වරක් ලොව ප්‍රධාන නගරවල විවිධ තේමාවන් යටතේ පැවැත්වෙන අතර, මෙවර එම ප්‍රදර්ශනය 'අනාගත බලශක්තිය' (Future Energy) යන තේමාව යටතේ 2017 ජුනි 10 දින සිට සැප්තැම්බර් 10 දින දක්වා කසකස්ථානයේ අස්ථානා නගරයෙහි පැවැත්වීමට නියමිතය. එම ප්‍රදර්ශනයට සහභාගි වන ලෙස කසකස්ථාන ජනරජය විසින් ශ්‍රී ලංකාවට ආරාධනා කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සංවිධානය කිරීම පිණිස කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ විසිතුරු මල් හා පැළ වගාකරුවන් හා අදාළ නිෂ්පාදන සකස් කරන්‍නන්ගේ භාණ්ඩ පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙහි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.