• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාය යාම් සිදුවීමේ ඉහළ අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
- නාය යාම සිදු වීමට ඉහළ අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සහ නායයාම හේතුවෙන් විපතට පත් වූවන් සඳහා නිවාස ඉදි කිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව, නායයාමේ අවදානමක් සහිත ස්ථානවල පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව හඳුනාගැනීම, ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම, ආපදාවලට පත් වූවන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැලසීම, දැඩි අවදානමක් සහිත ස්ථානවල පවතින පාසල් වැනි පොදු ස්ථාන නැවත ස්ථාපිත කිරීම යනාදි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරිපත් කළ තිබූ නිර්දේශ ප්‍රමුඛතා පදනමින් අදියරගතව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.