• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම
- අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 50කට අධික සංඛ්‍යාවක් සහ වන අලි 200කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමි වන අතර, අලින්ට අමතරව දිවියන්, කිඹුලන්, වඳුරන් වැනි වෙනත් සතුන්ද මිනිසුන් සමඟ ගැටුම් ඇති කරගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. මෙම තත්ත්වය පාලනය කිරීමෙහි ලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලැසුම් දියත් කෙරෙමින් පවතින අතර, වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි, වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.