• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම හා දේශීය උපායමාර්ගික සම්මුතිය (ගෝලීය උණුසුම අවම කිරීම සඳහා දේශීය දායකත්වය)
- අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය, කාර්මීකරණය, නාගරීකරණය, වනාන්තර විනාශය හා පරිසර දූෂණය හේතු කොට ගෙන ගෝලීය උණුසුම ඉහළ යමින් තිබෙන අතර, මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව පුරෝකථනය කර ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදු වන දේශගුණික විපර්යාස මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. 2015 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 11 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි (UNFCCC) 21 වැනි සැසිවාරයේදී එළඹෙන ලද පැරිස් ගිවිසුම් ප්‍රකාශයට අනුව 2100 වසර වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දැනට පවතින උෂ්ණත්ව මට්ටමේ සිට තවත් සෙල්සියස් අංශක 2ක් නොඉක්මවීමටද, එම මට්ටම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් පවත්වාගෙන යාමට සෑම උත්සාහයක්ම දැරීමටද එකඟවී ඇත. ශ්‍රී ලංකාවද මේ සඳහා එකඟතාව පළ කරමින් එම පැරිස් ගිවිසුමට (Paris Agreement) අත්සන් තැබීමටත්, එකී ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ දායකත්වය වෙනුවෙන් සැලසුම් කර ඇති හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කිරීමටත්, 'ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ කොමිෂන් සභාවක්' (Climate Change Commission of Sri Lanka) ස්ථාපිත කිරීම පිණිස නීති සම්පාදනය කිරීමටත්, පරිසර හිතකාමී 'හරිත - සුහුරු ගම්මාන' (Green Smart Villages) ඇති කිරීම අරමුණු කරගනිමින් ප්‍රජා සංවිධාන සමඟ එක්ව "නීල හරිත ලස්සන ලංකා" වැඩසටහන 2016-2020 කාල පරිච්ඡේදය තුළ ගම්මාන 10,000ක ක්‍රියාත්මක කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.