• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් විද්‍යුත් සන්නිවේදන භාවිතයට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීම - 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම
- එක්සත් ජාතීන්ගේ විද්‍යුත් සන්නිවේදන ප්‍රඥප්තිය (UN-ECC) සඳහා ශ්‍රී ලංකාව 2015 ජූලි මස 07 වන දින අත්සන් තබන ලද අතර, මෙම ප්‍රඥප්තිය අපරානුමත කරන ලද ආසියාවේ දෙවන රට හා දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වේ. අන්තර්ජාතික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමයට සන්නිවේදනය භාවිත කිරීමේදී පැන නඟින ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් සැපයීම මෙම ප්‍රඥප්තියේ අරමුණ වේ. ශ්‍රී ලංකාව විද්‍යුත් වාණිජ කටයුතු සඳහා සුදුසු ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන මෙම ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.