• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා යොදනු ලබන ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 25% ක්වත් කාන්තාවන් ඉලක්ක කර යෙදවීම
- ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් තුළින් ලැබෙන ප්‍රතිපාදනවලින් 25% ක් කාන්තාවන් උදෙසා යෙදවීම පිණිස මී‍ට පෙර ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම පිණිස පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය පරිදි විවිධ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන හඳුනාගත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන ආයෝජනවලින් අවම වශයෙන් 25%ක්වත් කාන්තාවන් ඉලක්ක කොට ගෙන සිදු කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය කේ.ඩී.එම්.චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.