• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අසභ්‍ය ප්‍රකාශන පනත් කෙටුම්පත
- අසභ්‍ය ප්‍රකාශනවලට නිරාවරණය වීම තුළින් ඇති විය හැකි අයහපත් බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහයේ සහ 1927 අශ්ශීල ප්‍රකාශන ආඥාපනතේ අන්තර්ගත විධිවිධාන වර්තමාන සමාජ සන්දර්භය තුළ ප්‍රමාණවත් නොවේ. ඒ අනුව ළමුන් යොදා ගෙන කරනු ලබන අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම, ළමුන් යොදා ගෙන සිදු කරනු ලබන අසභ්‍ය ප්‍රකාශන පරිගණක පද්ධති භාවිතයෙන් ළඟ තබා ගැනීම හා පරිගණකය මාධ්‍යයක්‍ කොට ගනිමින් ළමුන්ව ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශන ඇතුළත් ප්‍රකාශනයන්ට නිරාවරණය කිරීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස දැනට පවතින නීති වෙනුවට නව අසභ්‍ය ප්‍රකාශන පනතක් ගෙන ඒම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.