• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත පොදු වාහන නැවතුම්පළක් සඳහා කළුතර පිහිටි ඉඩමක් ලබා දීම
- කළුතර බෝධිය වෙත දෛනිකව පැමිණෙන වන්දනා කරුවන්ගේ වාහන නවතා තැබීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා කළුතර නගරයෙහි ගාලු පාරේ කළුගඟ හරහා දමා ඇති පාලම් දෙකට මැදිව පිහිටා ඇති, දැනටමත් පවරා ගැනීමට අදාළ වන්දි මුදල හා ‍ඊට අදාළ පොලී මුදල බෝධි භාරකාර මණ්ඩලය විසින් දරා ඇති හා එම මණ්ඩලය වෙත භුක්තිය පවරාදී ඇති 'දියඹතලාව' නැමැති පර්චස් 33.75ක ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත නීත්‍යානුකූලව පවරා දීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.