• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතියෙහි අදියර III (චක්‍රීය අරමුදල) යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
- ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කරන, නව තාක්ෂණය යොදා ගෙන අගය එකතු කළ භාණ්ඩ නිපදවනු ලබන, විදේශ වෙළඳපොළ සදහා භාණ්ඩ නිෂ්පාදනය කරන සහ රජයේ පවත්නා සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුව නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය හැකි කර්මාන්ත නංවා ලීම සහ වෙනත් ණය යෝජනා ක්‍රම යටතේ ආවරණය නොවන සියලුම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ණය ලබා දීම ඉහත ණය යෝජනා ක්‍රමය මඟින් සිදු කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමයෙහි ප්‍රතිලාභී කුඩා හා මධ්‍ය කර්මාන්ත ව්‍යවසායකයන්ගේ හා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන සහභාගිත්ව ණය දෙන ආයතනයන්ගේ ඉල්ලීම මත, දැනට සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන උප ණය සීමාව රුපියල් මිලියන 25 දක්වා වැඩි කිරීමටත්, රජය විසින් සහභාගිත්ව ණය දෙන ආයතනවලට දෙනු ලබන උප ණය සඳහා ප්‍රතිමූල්‍ය අනුපාතය 100% දක්වා වැඩි කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.