• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පොදු රාජ්‍ය මණ්ඩල කුඩා රාජ්‍ය වාණිජ මූල්‍ය පහසුකම'(Commonwealth Small States Trade Financing Facility) සඳහා ආයෝජනය කිරීම
- 2015 නොවැම්බර් මස මෝල්ටා රාජ්‍යයේදී පවත්වනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවේදී (CHOGM) වෙළඳාම හා ආයෝජනයන් ප්‍රවර්ධනය උදෙසා, විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ කුඩා හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා 'පොදු රාජ්‍ය මණ්ඩලයීය කුඩා රාජ්‍ය මූල්‍ය පහසුකම' නමින් නව අරමුදලක් ආරම්භ කිරීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, මුරුසිය සහ මෝල්ටාව යන රටවල් පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රකාශයට පත් කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රාජ්‍යවලට සහ එම රටවලින් සිදු කරන වෙළඳ ප්‍රවාහ වර්ධනය කර ලීම මෙම අරමුදලෙහි පරමාර්ථය වේ. ඒ අනුව, මෙම අරමුදලේ 'පදනම් අයෝජකයකු' (Anchor Investor) වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් අ‍ායෝජනය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.