• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධිවේගී මහාමාර්ග අධිකාරිය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ අධිවේගී මහාමාර්ග ඉදි කිරීම, කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම සඳහා ජාතික අධිවේගී මහාමාර්ග අධිකාරියක් පිහිටුවීම, අධිවේගී මහාමාර්ගයන්හි ආරක්ෂා සහිත, කාර්යක්ෂම හා පරිසර හිතකාමී පරිදි වාහන ගමනාගමනයක් සිදු වන බව සහතික කිරීම සහ ඊට අදාළ බලතල හා කර්තව්‍යන් පැවරීමට විධිවිධාන සැලසීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති ජාතික අධිවේගී මහාමාර්ග අධිකාරිය පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.