• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු ප්‍රවාහන සේවය සඳහා පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම
- පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිතය අද බොහෝ රටවල ප්‍රචලිත වෙමින් පවතී. ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමය මේ අතරින් ඉතා ජනප්‍රියව ඇති අතර, මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී එමඟින් ඉතා නිවැරදිව ‍අදාළ මුදල අය කළ හැකි වීම, නිසි ආදායම බස් හිමියාට හිමි වීම, මාරු කාසි රැගෙන යාමේ අපහසුතා මගහරවා ගත හැකි වීම මෙම ක්‍රමයේ වාසි අතර වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පෞද්ගලික බස් රථ හිමියන්, රාජ්‍ය බැංකු හා තොරතුරු තාක්ෂණ සමාගම්වල සහයෝගය ඇතිව පෙර ගෙවුම් කාඩ්පත් හරහා ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමයක් මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා හඳුන්වා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.