• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිවේගී මාර්ගයේ මගී සේවා අවසර පත් නිකුත් කිරීම
- අධිවේගී මාර්ගයේ මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා ධාවකයින් තෝරාගැනීම පිණිස වන ටෙන්ඩර් ක්‍රමයක් 2005 වර්ෂයේදී හඳුන්වා දෙන ලද අතර, එම ක්‍රමය යටතේ ඉහළම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තන්ට බලපත්‍ර ලබා දීම තුළ සාමාන්‍ය බස් හිමිකරුවන්ට අධිවේගී මාර්ගයේ ප්‍රවාහන සේවාවන් සැපයීමට ඇති අවස්ථාව අහිමි විය. ඒ අනුව, විකල්ප ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණි. එම කමිටුව මඟින් නිර්දේශ කරන ලද, අධිවේගී මාර්ගය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක සහ ලකුණු ලබා දීමේ පිළිවෙළ අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කරන ලදී. එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබුණු අඩුපාඩු මඟහරවා ගනිමින් වඩාත් වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.