• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර පද්ධති ආරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)
- ශ්‍රී ලංකාව ගෝලීය ජෛව විවිධත්ව සංවේදී ස්ථානයක් (Hot spot) ලෙස ශ්‍රේණිගත කර ඇති නමුත් මෙරට පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය බරපතළ තර්ජනයන්ට මුහුණ පා ඇත. පරිසර සුරක්ෂිතතාව සවිබල ගන්වමින් සංරක්ෂණය හා කළමනාකරණය තහවුරු කරන තිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම රජයේ ප්‍රමුඛ අරමුණ වේ. අලි - මිනිස් සහජීවනය සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස පරිභෝජනය හා සංරක්ෂණය පිළිබඳ ආදර්ශයන් නිරූපණය කරමින් තෝරාගත් ප්‍රදේශවල සංවේදී පරිසර පද්ධති වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතන හා මහජනතාව සතු හැකියාව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘති‍යේ අරමුණ වේ. ලෝක බැංකුව වෙතින් ලබාගනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ණය මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන රුපියල් මිලියන 473 ක මුදලක් යෙ‍ාදවමින් මෙම ව්‍යාපෘතිය 2016 සිට 2021 දක්වා කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.