• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල සම්පාදන ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු ආනයන - අපනයන බැංකුව වෙතින් ණය පහසුකම් ලබාගැනීම
- පහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් එම ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත හිමිවන ධනාත්මක සමාජ හා ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව සැලකිල්ලට ගනිමින්, එම ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉන්දියානු ආනයන හා අපනයන බැංකුව සමඟ මූල්‍ය ගිවිසුම්වලට එළඹීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* අළුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො.මිලියන 164.9)

* කුණ්ඩසාලේ - හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො.මිලියන 146.31)

* පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය (ඇ.ඩො.මිලියන 91.8)