• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් බීපී 30%/70%, 1000 අයියූ/මිලිලීටර් 10 එන්නත් 700,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
- දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඉහත ඖෂධය මිල දී ගැනීමේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ඇමෙරිකානු ඩොලර් 1,505,000.00 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.