• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩෙස්ෆෙරිඔක්සමීන් මෙසිලේට් ඉන්ජෙක්සන් බීපී, මිලි ග්‍රෑම් 500 වයල්ස් 475,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
- තැලිසීමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉහත ඖෂධය මිල දී ගැනීමේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ඇමෙරිකානු ඩොලර් 1,413,125.00ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.