• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දීය රජයේ ආධාර මත ඌව සහ මධ්‍යම පළාත්වල වතුකරයේ ජනතාව සඳහා නිවාස 4,000ක් ඉදි කිරීම
- ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2012 වර්ෂයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමකට අනුව 2016 - 2019 දක්වා වන වසර 03 ක කාලය තුළදී ඌව සහ මධ්‍යම පළාත්වල වතුකරයේ වෙසෙන ජනතාවට නිවාස 4,000 ක් ඉදි කර දීමට කටයුතු යොදා ඇත. මෙහි පළමු අදියර ලෙස නිවාස 1,134 ක් ඉදි කිරීමට අදාළ මූලික කටයුතු නිම කර ඇති අතර, ඉතිරි නිවාස 2,866 ඉදි කිරීමට අදාළ මූලික කටයුතු ද ආරම්භ කර ඇත. සෑම නිවසක්ම පර්චස් 7 ක ඉඩම් ප්‍රමාණයක වර්ග අඩි 550 ක ගෙබිමක් සහිතව ඉදි වන අතර නිවසක් සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය රු.1,120,000 කි. මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී, නායයෑම්වලට ලක්වූ සහ නායයෑමේ අවදානම අධික ප්‍රදේශවල වෙසෙන පවුල් සහ ගින්නෙන් හානියට පත් ලයින් කාමරවල වාසය කරන පවුල්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර එක් එක් පාර්ශ්වයේ වගකීම් හා කාර්යභාරය පැහැදිලිව දක්වන ලද අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ.පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.