• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම (2016 - 2018)
- කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින පෞද්ගලික නියෝජිතයින් සමඟ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ අනුව, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා එම වැඩසටහන යටතේ වගා කිරීම ප්‍රවර්ධනය කරනු ලබන කිසියම් භෝගයක් කිසියම් ආනයනකරුවකු විසින් පාරිභෝගික භාණ්ඩයක් ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ඒවා ඇණවුම් කිරීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනය ලබාගැනීම අනිවාර්ය කිරීමත්, දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී එකී භෝග ආනයනය කරන්නේ නම් ඉහත ජාතික වැඩසටහන යටතේ භෝග වගාවන් ප්‍රවර්ධනය කිරීමෙහි නිරත පෞද්ගලික සමාගම් හා ආයතන වෙත ද ඒ ඒ භෝගයන් පාරිභෝගික ද්‍රව්‍ය ලෙස ආනයනය කිරීමට අවස්ථා සලසා දීම, පාරිභෝගික භාණ්ඩ ලෙස ආනයනය කරනු ලබන ‍ඒ ඒ ආහාර නිෂ්පාදනයන්හි සෞඛ්‍ය ආරක්ෂිත බව හා ඉහළ ප්‍රමිතියකින් යුක්ත බව සහතික කිරීම සඳහා ගුණාත්මක බව පරීක්ෂා කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම යන යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.