• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ජර්මානු ජනරජයේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
- පුනර්ජනනීය බලශක්ති විදුලි ජනන ව්‍යාපෘති සංව‍ර්ධනය කිරීම, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගැනෙන විදුලිය ධාරිතාව වැඩි කිරීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම, පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන යන්ත්‍ර හා උපකරණ වැඩිදියුණු කිරීම, එම යන්ත්‍ර හා උපකරණ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කිරීම, තාප විදුලි උත්පාදනය සඳහා පරිසර හිතකාමී තාක්ෂණයන් හඳුන්වා දීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට අදාළ පුහුණුව සහ අධ්‍යාපනය යනාදී සහයෝගිතා ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ තිරසර සංවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම මෙම වසරේ පෙබරවාරි මස 16 හා 17 දිනවලදී අතිගරු ජනාධිපතිතුමා විසින් ජර්මන් ජනරජයේ සිදු කරනු ලබන රාජ්‍යතාන්ත්‍රික සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සහ ජර්මනියේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.