• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1970 අංක 07 දරන හෝමියෝපති පනත අවලංගු කර ඒ වෙනුවට අලුතින් පනතක් සම්මත කරගැනීම
- 1970 අංක 7 දරන හෝමියෝපති පනත පරිච්ඡින්න කර ඒ වෙනුවට නව පනතක් සම්මත කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවීම, හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයින් සහ හෝමියෝපති ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම, හෝමියෝපති ආයතන ලියාපදිංචි කිරීම හා නියාමනය, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම හා නියාමනය කිරීම ආදී කරුණු සඳහා විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද හෝමියෝපති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.