• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
- විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය හරහා ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යනු පිණිස රටෙහි ජනතාව සවිබලගන්වන හා දිරිගන්වන ආකාරයේ නවීන ප්‍රදර්ශක භාණ්ඩවලින් සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතව 'ජාතික විද්‍යා සංකේතයක්' ලෙස (National icon of Science) ජාතික විද්‍යා මධ්‍යස්ථානය මාලඹේ ඉදි කිරීමට යෝජිත විද්‍යා නගරය තුළ ස්ථාපිත කෙරෙනු ඇත. සොබාදහමේ අසිරිය, කෘෂිකර්මය, මිහිතලය, දේශගුණ විපර්යාස හා ස්වාභාවික ආපදා, මිනිස් සිරුරේ අසිරිය, කාර්මීකරණය හා තාක්ෂණික විප්ලවයන්, අභ්‍යවකාශ හා තාරකා විද්‍යාව, දේශීය හා සාම්ප්‍රදායික දැනුම, විද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් යනාදී අංශ පිළිබඳ සකසනු ලැබූ ප්‍රදර්ශන මැදිරිවලින් සමන්විත ශ්‍රී ලංකා ජාතික විද්‍යා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.