• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බදුල්ලේ ස්ථාපනය කිරීම සඳහා ඉඩමක් වෙන් කරගැනීම
- විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන සිසුන් සඳහා ගුණාත්මකභාවයෙන් යුතු උසස් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවා ඇති අතර. එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ඌව පළාත තුළ, විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ වෙසෙන පාසල් හැර යන පිරිස්වලට හා තරුණ පරපුරට උසස් අධ්‍යාපනය සඳහා සුවිශේෂ අවස්ථා හිමිවනු ඇත. ඒ අනුව, එම ප්‍ර‍ාදේශීය මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා සුදුසු බවට හඳුනා ‍ගෙන ඇති, බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරුගමුවේ පිහිටි අක්කර 2යි රූඩ් 2යි පර්චස් 3.2ක පමණ ප්‍රමාණයකින් යුත් ඉඩම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.