• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත
- අධිකරණ පරිශ්‍රයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස් වීම වර්තමානය වන විට බරපතළ ගැටලුවක්ව පවතියි. ඒ අනුව, නඩු කටයුතු අවසන් වීමට පෙර ඒවාට අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමට විධිවිධාන සැලසීම පිණිස අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.