• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
- අපරාධයක් සිදු කර ඇති බවට සැක කෙරෙන යම් තැනැත්තෙකුට නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට ඇති අයිතිය, සාධාරණ නඩු විභාගයක මූලික අංග ලක්ෂණයක් ලෙස සැලකෙයි. ඒ අනුව, අත්අඩංගුවට ගත් අයකුගේ පළමු ප්‍රකාශය පොලීසිය විසින් සටහන් කරගත් සැ‍ණින්, ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත පරිදි නීතිඥවරයෙකු හමු වීමට ඔවුනට අවස්ථාව ලබා දිය යුතු වේ. ඒ අනුව, අත්අඩංගුවට ගන්නා සෑම තැනැත්තෙකුගේම පළමු ප්‍රකාශය පොලීසිය විසින් සටහන් කිරීමෙන් ඉක්බිතිවම, එම තැනැත්තාගේ කැමැත්ත පරිදි නීතිඥවරයකුගේ උපදෙස් ලබාගැනීමට එම තැනැත්තාට තිබෙන අයිතිය පිළිගැනීමටත්, අත්අඩංගුවට ගත් තැනැත්තාට නීතිඥවරයකුගේ සේවය ලබාගැනීමට හැකියාවක් නොමැති බව එම තැනැත්තා විසින් ප්‍රකාශ කරන විටෙකදී එම සේවය නීති ආධාර කොමිසමේ නීතිඥවරයකු වෙතින් ලබාගැනීමටත් අදාළ විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.