• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් විසින් යෝජනා කැඳවීම
- හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත කර්මාන්ත පිළිබඳව මූලික පරිසර අධ්‍යයනයක් මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සිදු කර ඇති අතර, එම කලාපය තුළ ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත ආරම්භ නොකළ යුතු බව එම අධ්‍යයනය මඟින් නිර්දේශ කර ඇත. ඒ අනුව හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ හැකි ව්‍යාපාරික ක්ෂේත්‍ර හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපාරික සැලැස්මක් දැනටමත් සකස් කරනු ලැබ තිබේ. ඒ යටතේ හඳුනාගනු ලබන ව්‍යාපාරික අවස්ථා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත. ඒ අනුව, ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම, ඒවා ඇගයීම හා ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.