• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවන ලද තැනැත්තන් භාරදීම පිළිබඳ ගිවිසුම
- දඬුවම් පමුණුවන තැතැන්තන් හුවමාරු කරගැනීමේ ගිවිසුමකට එළඹීම පිණිස ශ්‍රී ලංකා රජයේ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ නියෝජිතයින් අතර නිල සාකච්ඡා 2015 දෙසැම්බර් මාසයේදී පවත්වන ලදී. ඒ අනුව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත නිල සංචාරය තුළදී මෙම ගිවිසුමට එළඹීමටත්, එය අපරානුමත කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.