• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් වාර්මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (වෙල්ලස්ස නවෝදය)
- දිවයිනේ දෙවැනි විශාලතම දිස්ත්‍රික්කය ලෙස සැලකෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් වැඩි දෙනකු තම ජීවනෝපාය සඳහා කෘෂිකර්මාන්තයේ නියැළෙන අතර, එම ප්‍රදේශයේ දැනට පවතින වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත. ඒ අනුව, කෘෂි ඵලදායීතාව ඉහළ නැංවීම මඟින් එම දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ ප්‍රධාන අරමුණ පෙරදැරිව සැලසුම් කර ඇති 'වෙල්ලස්ස නවෝදය' කඩිනම් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, 2016-2019 දක්වා වසර හතරක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.