• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුවේ වාරි ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතිය
- පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවෙහි වී වගා කරන විශාලතම ප්‍රදේශයන්ගෙන් එකක් වන අතර, දිස්ත්‍රික්කය තුළ වී වගා කරන භූමි ප්‍රමාණය අක්කර 80,000 කට අධික වේ. එසේ වුවද, ගංවතුර හා දිගු කල් පවත්නා නියඟය වැනි තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ වී වගාව මෑතකාලීනව පසු බෑමට ලක්ව ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් යෙදීම පිණිස 2016 වර්ෂයෙන් ආරම්භ වන සය අවුරුදු වාරිමාර්ග සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත. ඒ අනුව, කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් අදියර තුනක් යටතේ 2016 සිට 2021 දක්වා වසර හයක කාලය තුළ රුපියල් බිලියන 7 ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් එම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.